Wednesday, April 10, 2013

ක්ලබ් ලයිට් එලියෙන් මිදුනෙමි..





( http://asammathayen.blogspot.com/2012/08/blog-post_13.html මඟින් උපුටා ගත්තකි)

ගැස්සෙන රතු එළියට, කන පැලෙන ඩිස්ක් කෙලියට, වල්මත් වෙලා ගෙවුන ජීවිතේ කොච්චර සුන්දරයි ද කියල ඇය සිතුවද. ඇගේ ලෝකෙට වෙලා ඇය පාඩුවේ ජීවිතේ ගත කළා. හැබැයි ලෝකෙටම දහවල වෙද්දි ඇයට දහවල රැය වුණා. රැය දහවල වුනා. රෑට නොනිදන නෙත් සල්ලාල තොල් වල ගෑවෙද්දි ඇයට රැය දහවල වුණා. තනපට අස්සෙ රිංගන අත්වල සල්ලි සුවද ඇයට සුවද විලවුන් වුනා. ඇය තනි වුනා. සල්ලි අතර සල්ලාලයන් අතර අය සැතපුනා. ගැස්සෙන ලයිට් එලිය, පෙරලෙන වීදුරු, වැක්කෙරෙන මීවිත ඇගේ දෙතොලෙ ගෑවුනා. පට්ට සුන්දරයි ලෝකෙම. සල්ලි, මගෙ ජීවිතය. ඇය තරග කළා කැපී පේන්න. අනිත් ලියන් අතර, රැයේ එන අමුත්තන්ගේ හිත දිනා ගන්න. උන්ව රවට්ට ගන්න. ඇය වෙනස් වුනා, හිතින් ගතින් දෙකෙන්ම.

දෙකකුල් අතර කාන්තා බැම්ම ඇය බින්දා, එන යන අමුත්තන්ගේ අම්බලම ඇගේ දෙකකුල් අතර ඉදි වුනා. කොන්ඩය කැපුනා කොටට. පටි පනින්න, අත් කොටට අදින්න ඇය නොපැකිලුනා. ඇය සමාජයේ කැපී පෙනෙන්න තම ජීවිත විලාසිතාව, ජිවිකාව අනුව වෙනස් කළා.

සප්‍රාණික අවයව නැති පිරිමියෙක්, උල් කරපු කට්ටකින් ඇගේ පිට පැත්ත ලස්සන කළා. කොළ පාට තින්න හම අස්සෙ ඔබල ඇයව ලස්සන කළා. ඇය කැපී පෙනුනා. දෙවගනක් ඇගේ පිටේ ඔප මට්ටම් වෙද්දි, ඇය අප්‍රාණික අවයව සහිත නිර්මාණකරුවා ඉදිරියේ සාළුවක් පමණක් ඇදගෙන ලමැද වසාගත්තා. පුංචි ලස්සන රෝස තිසර ඔහුගේ නිර්මාණ අසපුවේ මෙට්ට කැබැල්ලක් මත තෙරපුනා. ඇත්තටම පිට මත කෙටෙන දෙවගනගේ රූපය, මැකෙන්නට තරම් ඇගේ අමුත්තන්ගේ අම්බලම තෙත් වුනා. අසාවට, ඇගේ නහර පුරා දුවන කැක්කුමට. ඇත්තට අසහනය කිව්වාට ඇය සමාජගත කරන්නට වෙර දරන පිරිමි - පිරිමි සහ ගැහැණු - ගැහැණු විමුක්තිය, ඇයට ආභරණයක් වුණා.

රැයේ නොසැතපෙන නෙත්, දහවල වසාලන්නට ඇයට වෙලාවක් ඉතිරි වුනේ නැහැ. ඇයට මිනිස්සු පිරුණු වෙරල කොනක වෙන්වුන, මාළු කාරයන් පිරුණු මුඩුක්කු සමාජය නිදන්නට පහසුවක් කලේ නැහැ. පාර පුරා ඉන්න බලු කුක්කන්ට කෑම බෙදන්නට ඇය උත්සුක උනා. රැයට සිරුර මිලට බෙදා, ලැබෙන මුදලින් බලු කුක්කන්ට කවන්න ඇය උත්සාහ කළා. ඇත්තට හිත හරිම පුදුමයි. රැලේ දුවන බල්ලො එක්ක ජීවිතේ එක්කාසු වෙන්න හිත අකැමැති වුනේ නැහැ.

බලු කුක්කෝ කුක්කියෝ කර උඩ නැගගෙන, තම වර්ගයා ලෝකෙට මුදනකොට පාර පුරාම, විනාසකාරී ගීත පිරුණු, බීම පිරුණ, ගැස්සෙන ලයිට් නිවෙන, ඇගේ රාත්‍රියේ කකුල් අතරින් බේරෙන වර්ගයා බෝකෙරෙන ජීවය ඇය පාලනය කළා. ඇගෙයි, කුක්කන්ගෙයි වෙනසකට තියෙන්න ඇත්තේ ඒක.

එත් ඇය හැම දේම මැද්දේ වෙඩි තිබ්බා. නියම තැනට. ඇගේම ලෝකෙකට ඇය සමනලයෙක් හොයා ගත්තා. සුන්දරයි මුකුත් කරන්න බැරි සමනලයෙක්. ඇගේ ගෙවල් පැත්තේ හිටිය පර්සිඅයියා ගියේ කොල්ලො පස්සේ. පර්සියා ඇයට මතක් වුනා. ඌ තාලෙට ඇදලා කියන්නේ නර..ක.... සමනලයා..කියල. ඇය උගේ ලෝකෙට දිවුරුවා. සත්තයි මම වෙඩි තියන්නෙ නැහැ මේ සමනලයට

දැක්කද සමනලයා බැහැලා.. දුරුවලයි හොදටම.. කෝටු හයි කරල බැහැ කෙලින් කරන්න. මොකද ඌ සමනලයෙක්.. කෙලින් වෙන්න බැරි සමනලයෙක්ට ඉරටු ගහල තටු කඩන්න බැහැ ඇයට. ඔන්න ඔහෙ හිටපුදෙන්.. සමනලයා...

ඇය මිදුනා ඒ ක්ලබ් ලෝකෙන්. නොමැකෙන දෙවගනක් පිටේ ඉතුරු කරගෙන. උන්ගේ සමනල ලෝකෙට මී මැස්සෝ නොබසිත්වා..

1 comment:

  1. ‍රැඩියා උඹ අවුරුදු උත්සවේට එනවද? උඹ එල කොල්ලා. මට උඹව දකිනකම් ඉවසිල්ලක් නෑ. අනේ වරෙන් මයෙ අම්මා. ආවම මම ‍රැඩියා කියලත් කියපං වස්තුවේ

    ReplyDelete