Thursday, April 11, 2013

අනේ අම්මේ බොන්න එපා ! ඒක වීරකමක් නෙමෙයි

 http://anithkona.blogspot.com/2012/09/blog-post_5013.html    මඟින් උපුටා ගත්තකි

"මම කවුද කියලා දන්නව ද ?" එහෙම ඇසුවේ උදෑසන සායනික වටය අවසාන වෙත්ම අප වෙත එවා තිබූ කායික වෛද්‍ය වාට්ටුවේ නේවාසික රෝගී තරුණයෙක් ගෙන්. ඊට කලින් දින කිහිපවිටක් ඔහු පරීක්ෂා කර බලා තිබුනත් ඔහුට අප ගැන මතකයක් තිබුනේ නෑ. ඔහු අප මුහුණ වත් නොබලා බිම බලන් සිටියේය.  මට ඊට දිනකට කලින් මහ පාන්දර ලැබුනු ඇමතුමෙන් කියවුනේ අසාමාන්‍ය ලෙස හැසිරෙන බොහොම කළහකාරී තරුණයෙක් කායික රෝග වාට්ටුවේ ඇඳක බැඳ දමා දැන් සිටින නිස හැකිනම් පැමිණ බලන ලෙසය. මා ගොස් බලන විට කිසිවෙකුටත් ළං වීමටවත් නොදෙමින් ඔහු ගස් බැඳි වන සතකු මෙන් ඇඳෙ ඒ මේ අත දඟලමින් සිටී. කටින් පිටවෙන්නේ කිසිවෙක්ට අහන්නට බැරි නරක වචනය. මා දමිළ බසින් එම වචන නොදැන සිටි නිසා තේරුනේ නැති නමුත් පසුව මිස් කෙනෙකු කීවේ බොහොම නරකම වචන ඔහු කී බවය. පිරිමි සේවකයින් දෙදෙනෙකු වැර වීරියෙන් ඇඳට ඔබා සිටි ඔහුට නින්ද යෑමට එන්නත් දී පරීක්ෂා කර බැලුවෙමි. ළඟින් වෑහෙන්නේ අධික මත් පැන් ගඳකි. බිරිඳ යැයි කියන තරුණිය කියන්නේ රට ගිහින් පැමිණියාත් හරි නිතරම මෙලෙස මත්පැන් සාද පවත්වන බවය. තවම තරුණ වියේ සිටින මොවුන්ගේ ජීවිත මත්පැන් නිසා අසරණ වී ඇත.  මත්පැන් මත් ද්‍රව්‍ය ගැන වෛද්‍යවරු බහුතරයක් සිටින්නේ ඒවා හොඳ නැත යන ස්ථාවරයේය. රතු වයින් සහ ඇල්කොහොල් යම් පමණකට ශරීර සෞඛ්‍යයට හොඳ යැයි කියවෙන නමුත් ඒ ප්‍රමාණය ගැන හැඟීමක් නැතිව පමණ ඉක්මවා පාවිච්චිය මගින් බොහෝ කරදරකාරී තත්ව ඇති වේ.   

බීමට ගිජු කෙනෙක් වෙත්නම් සමාවෙන්න මේ පහර ගහන්නේ ඔබේ ඒ නරක පුරුද්දටයි.
 

එකී තරුණයාම දිනකට පසු සම්පූර්ණ වෙනස් මනුස්සයෙක් බවට පත්වී ඇත. මට අඳුරගන්නටත් බැරි විය. "අපිව මතකද ? " නැවත වෛද්‍යවරු වන අපි ඇසුවෙමු. "නෑ ඩොක්ටර් මට මොකුත් මතක නෑ" " ඔබ හිටියේ දැඩි ලෙස ජීවිත හානිකර තත්වයකයි.ඒ අවස්ථාවේ නිසි ප්‍රතිකාර ලැබුනේ නැත්නම් ඔබ මරණයට පත්වෙන්න පවා පුළුවන් බව ඔබ දන්නවා ද ? " අපි ඔහුට delirium tremens යනුවෙන් හඳුන්වන එම තත්වය පැහැදිලි කර දුන්නෙමු. අධික ලෙස බීමට ඇබ්බැහි වූවන් එක දිගට මත්පැන් පානය කර අවස්තාවේදී, ඉන් මිදී ඉන්නාවිටදි ඇතිවන තත්වයකි. ඒ ගැන වැඩිපුර දැන ගන්න උවමනා නම් මෙතැනින් කියවන්න.   (Delirium tremens is mainly caused after a long period of drinking, being stopped abruptly and experiencing withdrawal, leading to the biochemical regulation cascade.) 
 
නැවත ප්‍රකෘති තත්වයෙන් පසු වූ ඔහු අපට පැවසුවේ මේ කරදරකාරී බීමත්කමින් මිදීමට ඕනෑ බවත් එය නිසා හානි වූ ඔහුගේ ජීවිතය යතා තත්වයට පත් කරගැනීමට අවශ්‍ය බවත්‍ ය. සති දෙකක් පමණ ඉන්පසු මානසික සෞඛ්‍යය ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ගත් ඔහු නැවත ගෙදර ගියේ අලුත් මිනිසෙක් ලෙසය. 
 
මෙවැනි රෝගීන් අනන්ත අප්‍රමාණ ලෙස මා දැක තිබෙනවා. ඔවුන් සියල්ලන්ටම ඇත්තේ එකම නිදහසට කාරණාවකි... ඒ ඇබ්බැහිවිමය. මේක නැතුව වැඩක් කරන්න බෑ යන තත්වයට ඔවුන් පත්වී හමාරය. 
 
පිරිමි පමණක් නොවේ අධික ලෙස බීමත් වී සිටි ගැහැණුද හමුවී තිබේ. 
හත්දරු මවක් වන එක් කාන්තාවක් අප ඒකකයටපැමිණියේ අධික ලෙස බීමත්වය. නමුත් කණගාටු දායක දෙය නම් ඇය ඒ වන විට ගැබිණියක වීමය. ප්‍රසූති වේදනා සමග ඇය පැමිණි අතර කටින් වහනය වුනේ මත්පැන් ගඳය. ඇය කැටුව ආ සැමියාද සිටියේ බීමතිනි. අපට අනේ අපොයි කියැවිනි. ඒ මදිවාට දරුවා ප්‍රසූති කරන තෙක් බලා සිටියදී කුස තුල සිටි දරුවාගේ තත්වය බැරෑරුම් වුන නිසා සිසේරියන් සැත්කමක් කරන්නටද විය. 
 
ඔබ අසා ඇති  fetal alcohol syndrome( is a pattern of mental and physical defects that can develop in a fetus in association with high levels of alcohol consumption during pregnancy )  යන තත්වය. 

මෙය ලංකාවේ නම් ඉතා අඩුවෙන් දක්නට ලැබෙන සිදු වීමක්. මන්ද අප රටේ ස්ත්‍රීන් අතර මත්පැන් භාවිතය එතරම් වැඩි නැති නිසා. මෙවැනි දරුවෙකුගේ මානසික සහ කායික වර්ධන දුර්වලතා ඇතිවන්නේ කුස තුල වැඩෙන කාලයේ පටන්. එහෙම වෙන්නේ, මව දරුවා කුස තුල වැඩෙන කාලයේදී අධික ලෙස මත්පැනි පාවිච්චි කිරීම නිසායි. වැදෑමහ සහ මවගේ රුධිර සංසරණය අතරින් මත් පැන් මත් ද්‍රව්‍ය ඉතා පහසුවෙන් දරුවා වෙත ළඟා වන හෙයිනි. මොළයේ හා ස්නායු පද්ධතියේ වර්ධනයේ සහ ක්‍රියාකාරිත්වයට මෙන්ම මාංශපේෂි වල වර්ධනයටත් ඉන් හානි සිදු වෙනවා. තවද දරුවාගේ බාහිර ස්වරූපයෙත් ඉහත රූපයේ ආකාරයට ඇතැම් වෙනස්කම් ඉස්මතුවී පෙනෙනවා. 




මා කායික රෝග වාට්ටුවේ සීමාවාසික වෛද්‍යවරියක් ලෙස සේවය කරද්දී පාරේ වැටී සිහි නැතිව සිටියදී පොලිසිය විසින්ගෙන ආපු අම්මා කෙනෙක් සමග සිටියේ අවුරුදු එකහමාරක පමණ දරුවෙක්. ඒ අම්මා අධික බීමතින් සිහි මුර්ජාවී සිටි අතර දරුවා කිළිටි කඩමාල්ලක ඔතා සිටියා. දරුවා ඉක්මනින් ළමා වාට්ටුවට ඇතුලත් කර ඇය සතුව තිබූ බෑගයෙන් කඩදාසි මල්ලක් අපට ලැබුනා. එහි වූයේ ඇගේ දරුවාගේ හර්ද සැත්කම් කරපු බව සඳහන් කාඩ් සහ ඒ සඳහා බෙහෙත් අවශ්‍ය බවත් කියමින් හිඟාකන්නට යොදාගන්නා ලිපි ලේඛන වගයකි. දරුවා පරීක්ෂා කර බැලූ අපට එය සත්‍ය බව වැටහුනේ ඔහුගේ ළය පුරා තිබූ හර්ද සැත්කමින් පසු ඉතිරි වන විශාල කැලල දුටු විටයි.  ඒ දරුවාගේ මුහුණේද ඉහත සඳහන් කල fetal alcohol syndrome රූපයේ දැක්වූ ලක්ෂණ තිබුනා. 

පසුව ඒ අම්මා සිහි ආ විට අප සමග පැවසුවේ දරුවා ලැබෙන කාලයේ නොව ඊට පෙර සිට පවා ඇය මත්පැන් පමණක් නොවේ ඊට වඩා දරුණු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි නිසා. දැන් දරුවාගේ රෝගයේ ලිපි ලේඛන පෙන්වා ඒ සඳහා සල්ලි හොයාගන්නා බවය. ඒ දරුවා හොඳට වැඩී තිබුනේ නැත. මෙවැනි කතා ඕනෑ තරම් අප වාට්ටු වලින් ඇසේ. ජොයින්ට් එකක්, මලක් , දුම්වැටියක් වයින් බිඳක් කිව්වට මේ සියල්ලන්ගෙන්ම ඔබට පමණක් නොව ඔබේ දරුවාටත් හානි විය හැක. 

බොහෝ අය තමන් මත්ද්‍රව්‍ය මත් පැන් පාවිච්චි කරනවා පමණක් නොව එහි වින්දනය ගැන අන් අය වෙත ප්‍රචාරය කරන්න්නේ ඒක මහ ලොකු කමක්, වීරකමක් හෝ විප්ලවීය බවක් ඇති ලෙස අඟවමිනි. නමුත් යථාර්තය නම් ඔවුන් අඩු වයසින්ම රෝගීන් බවට පත් වීමය. එනිසා මත්පැන් මත්ද්‍රවය වලට ඔබේ ඇබ්බැහිවීමක් ඇත්නම් ඉන් මිදීම සඳහා සටන් කරන්න. ඒ සඳහා උපකාර ක්‍රමවේද හා වෛද්‍ය උපදෙස් සෑම රෝහලකම ඇති කායික හා මානසීක වෛද්‍ය ඒකක වලින් ලබා ගත හැකිය. මෙවැනි හානිදායක පුරුදු වලින් මිදුනොත් ඔබ සැබවින්ම වීරයෙක් ! විශේෂයෙන්ම දරුවෙක් ලැබෙන්න  ඉන්න අම්මා කෙනෙක් කොයි තරම් නම් ප්‍රවේසම් වෙන්න ඕනෙද කියා ඔබ දන්නවා ඇති. නිරෝගී දරුවෙක් බිහි කරන එක මවකගේ යුතුකමක්. ජාන විකෘති වලට අමතරව මවගේ නොහොබිනා ක්‍රියා නිසා දරුවන්ට මන්ද මානසික තත්ව ඇති වුනොත් එය කෙතරම් වේදනාකාරී ද ? 

image credit :
Drunk Pregnancy. Under Arrest. ( http://mindforums.com/38 )
Pubmed article : Alcohol and pregnancy  http://www.ncbi.nlm.nih.gov/pubmedhealth/PMH0004694/

Wednesday, April 10, 2013

ක්ලබ් ලයිට් එලියෙන් මිදුනෙමි..





( http://asammathayen.blogspot.com/2012/08/blog-post_13.html මඟින් උපුටා ගත්තකි)

ගැස්සෙන රතු එළියට, කන පැලෙන ඩිස්ක් කෙලියට, වල්මත් වෙලා ගෙවුන ජීවිතේ කොච්චර සුන්දරයි ද කියල ඇය සිතුවද. ඇගේ ලෝකෙට වෙලා ඇය පාඩුවේ ජීවිතේ ගත කළා. හැබැයි ලෝකෙටම දහවල වෙද්දි ඇයට දහවල රැය වුණා. රැය දහවල වුනා. රෑට නොනිදන නෙත් සල්ලාල තොල් වල ගෑවෙද්දි ඇයට රැය දහවල වුණා. තනපට අස්සෙ රිංගන අත්වල සල්ලි සුවද ඇයට සුවද විලවුන් වුනා. ඇය තනි වුනා. සල්ලි අතර සල්ලාලයන් අතර අය සැතපුනා. ගැස්සෙන ලයිට් එලිය, පෙරලෙන වීදුරු, වැක්කෙරෙන මීවිත ඇගේ දෙතොලෙ ගෑවුනා. පට්ට සුන්දරයි ලෝකෙම. සල්ලි, මගෙ ජීවිතය. ඇය තරග කළා කැපී පේන්න. අනිත් ලියන් අතර, රැයේ එන අමුත්තන්ගේ හිත දිනා ගන්න. උන්ව රවට්ට ගන්න. ඇය වෙනස් වුනා, හිතින් ගතින් දෙකෙන්ම.

දෙකකුල් අතර කාන්තා බැම්ම ඇය බින්දා, එන යන අමුත්තන්ගේ අම්බලම ඇගේ දෙකකුල් අතර ඉදි වුනා. කොන්ඩය කැපුනා කොටට. පටි පනින්න, අත් කොටට අදින්න ඇය නොපැකිලුනා. ඇය සමාජයේ කැපී පෙනෙන්න තම ජීවිත විලාසිතාව, ජිවිකාව අනුව වෙනස් කළා.

සප්‍රාණික අවයව නැති පිරිමියෙක්, උල් කරපු කට්ටකින් ඇගේ පිට පැත්ත ලස්සන කළා. කොළ පාට තින්න හම අස්සෙ ඔබල ඇයව ලස්සන කළා. ඇය කැපී පෙනුනා. දෙවගනක් ඇගේ පිටේ ඔප මට්ටම් වෙද්දි, ඇය අප්‍රාණික අවයව සහිත නිර්මාණකරුවා ඉදිරියේ සාළුවක් පමණක් ඇදගෙන ලමැද වසාගත්තා. පුංචි ලස්සන රෝස තිසර ඔහුගේ නිර්මාණ අසපුවේ මෙට්ට කැබැල්ලක් මත තෙරපුනා. ඇත්තටම පිට මත කෙටෙන දෙවගනගේ රූපය, මැකෙන්නට තරම් ඇගේ අමුත්තන්ගේ අම්බලම තෙත් වුනා. අසාවට, ඇගේ නහර පුරා දුවන කැක්කුමට. ඇත්තට අසහනය කිව්වාට ඇය සමාජගත කරන්නට වෙර දරන පිරිමි - පිරිමි සහ ගැහැණු - ගැහැණු විමුක්තිය, ඇයට ආභරණයක් වුණා.

රැයේ නොසැතපෙන නෙත්, දහවල වසාලන්නට ඇයට වෙලාවක් ඉතිරි වුනේ නැහැ. ඇයට මිනිස්සු පිරුණු වෙරල කොනක වෙන්වුන, මාළු කාරයන් පිරුණු මුඩුක්කු සමාජය නිදන්නට පහසුවක් කලේ නැහැ. පාර පුරා ඉන්න බලු කුක්කන්ට කෑම බෙදන්නට ඇය උත්සුක උනා. රැයට සිරුර මිලට බෙදා, ලැබෙන මුදලින් බලු කුක්කන්ට කවන්න ඇය උත්සාහ කළා. ඇත්තට හිත හරිම පුදුමයි. රැලේ දුවන බල්ලො එක්ක ජීවිතේ එක්කාසු වෙන්න හිත අකැමැති වුනේ නැහැ.

බලු කුක්කෝ කුක්කියෝ කර උඩ නැගගෙන, තම වර්ගයා ලෝකෙට මුදනකොට පාර පුරාම, විනාසකාරී ගීත පිරුණු, බීම පිරුණ, ගැස්සෙන ලයිට් නිවෙන, ඇගේ රාත්‍රියේ කකුල් අතරින් බේරෙන වර්ගයා බෝකෙරෙන ජීවය ඇය පාලනය කළා. ඇගෙයි, කුක්කන්ගෙයි වෙනසකට තියෙන්න ඇත්තේ ඒක.

එත් ඇය හැම දේම මැද්දේ වෙඩි තිබ්බා. නියම තැනට. ඇගේම ලෝකෙකට ඇය සමනලයෙක් හොයා ගත්තා. සුන්දරයි මුකුත් කරන්න බැරි සමනලයෙක්. ඇගේ ගෙවල් පැත්තේ හිටිය පර්සිඅයියා ගියේ කොල්ලො පස්සේ. පර්සියා ඇයට මතක් වුනා. ඌ තාලෙට ඇදලා කියන්නේ නර..ක.... සමනලයා..කියල. ඇය උගේ ලෝකෙට දිවුරුවා. සත්තයි මම වෙඩි තියන්නෙ නැහැ මේ සමනලයට

දැක්කද සමනලයා බැහැලා.. දුරුවලයි හොදටම.. කෝටු හයි කරල බැහැ කෙලින් කරන්න. මොකද ඌ සමනලයෙක්.. කෙලින් වෙන්න බැරි සමනලයෙක්ට ඉරටු ගහල තටු කඩන්න බැහැ ඇයට. ඔන්න ඔහෙ හිටපුදෙන්.. සමනලයා...

ඇය මිදුනා ඒ ක්ලබ් ලෝකෙන්. නොමැකෙන දෙවගනක් පිටේ ඉතුරු කරගෙන. උන්ගේ සමනල ලෝකෙට මී මැස්සෝ නොබසිත්වා..

[ LOVE ]



 (මෙම ලිපිය මහී බ්ලොගයේ ඉවත් කරන් ලද ලිපියකි)
  කැඩපත ඉදිරියේ සිටගත් ඇය මදක් කැඩපතින් දිස්වන ඇගේම ප්‍රතිබ්ම්බය දෙස බලා මොහොතක් සිට ගෙල පිටුපස දකුණතින් පිරිමදින්නට විය. කාලයකට ඉහතදි ගෙල පිටුපස කෙටු ඇගේ ප්‍රියතමියගේ ටැටුව ලගකදි සිට රිදුම් දෙන්නට පටන්ගත්තේ මන්දැයි ඇයටම ප්‍රේහෙලිකාවක් වි ඇති හැඩය.

ඌගේ ලෝකයට උඹ රිංගුවට හිතට තට්ටුවක් දිලා අහපන් ඇග පුරා පච්ච කොටන හැම එකාම පිරිමිද කියලා උඹට ලැබුනේ නැති දෙවල් තව එකෙක්ට ලැබෙද්දි උඹට හරි ඊරිසියයි නේද?   

ඇයට මදාරාගේ වදන් සිහිපත් විය.

කැඩපත අසලින් පසෙකට වු ඇය ඇගේ ලැප්ටොප් එක දිගහැර යමක්  කොටන්නමින් සිටිනු ඇගේ අසලින් ගමන් ගත් සැමියාට දිස් වුවත් කිසිවක් නොකියා ඇය අසලින් තේ කොප්පය තබා ඔහු සාලය දෙසට ගමන් කෙරුහ. ඇගේ දෑස් දිගින් දිගටම එකම ලිපි පෙළමත නළියනු ඈ දෙස උවමනාවෙන් බලන්නෙකුට පෙනෙනු නොඅනුමානය.

            ඇයද දිනක පෙම් කරන්නට පෙළඹුනා ඇය සිහිපත් කෙරුහ. ඇයට කෙල්ලන් අජුතය. ඇයද කෙල්ලකු බව යම් විටක ඇයට අමතක වන්නට ඇත. කුඩා කල සිට පිරිමි ඇසුර ඇයට හුරුපුරුදුය. පිරිමි හා මුසු වු ඇය පිරිමින්ගේන් අනන්තවත් බැට කා ඇති බවට කිසිදු සැකයන් නැත. නැතිනම් ඇය පිරිමි ස්වරුපයකට හිමිකම් කියුවත් මෙවන් අයකු සිය ස්වාමියා ලෙස තෝරාගන්නට පෙළබෙන්නට වෙනත් හේතුවක් මට සිතා ගත නොහැකිය. 


  උඹගේ ඇහේ කටු අනිනවා වගේ නේද? මේ අහපන් ඉස්සරහට යන එක නවත්තන්න උඹටවත් උඹේ සලඹයාටවත් බෑ. උඹට මම උඹේ වචන වලින්ම තව දෙයක් කියන්නද? උඹට බෑ මගේ ආතල් එක කඩන්න. තේරුණාද? 

            ඇයට ජොයින්ට් එක වාෂ්ප වූ බවක් දැනෙන්නට වු අතර, ඇල් වි නිවි ගිය තේ කොප්පය දෙස හිස් බැල්මක් හෙලා හනික නාන කාමරයට යන්නට තුවාය සොයාන්නට විය. එය සොයාගත් නොහැකි තැන ඇය සිය ස්වාමියා ඇමතිය...

මගේ තුවාය තිබ්බ තැන දැක්කද? නැත්තන් ඔයා එක අද උදේ රෙදි හොදද්දි හෙදුවද?

අහා ඔව් නේ. ඉන්න මම ගෙනත් දෙන්න. 


 දන්නවද මම වාසනාවන්තයි. මම වගේ හැම කෙල්ලෙක්ම වාසනාවන්ත නෑ. ඇග පුරා පච්ච නැතුවට, රෑට යාළුවෝ එක්ක සෙට් වෙලා අඩියක් නොගැහුවට එයා නියම පිරිමියෙක්. උතුරන්න ආදරෙකුත් ලස්සන ජිවිතේකුත් දෙන්න පුළුවන් වුනා එයාට.. ඔය ඔය උඹ අයෙත් පුප්පනවා. උඹ ඊරිසියයි. ඊරිසියකාරි. ඔය වටේ ඉන්න අනික් එවුනුත් ඊරිසියයි. හහ් හහ්.................හහ්හා..............

             ඇය හනික නාන කාමරයට වි දොර  වසා දැමුහ. මදාරා දැන් ඇයට පිළිලයක් වී ඇති සේය. ඇයට ඇගේ වදන් නිතර දෙවෙලේ ඇසෙන්නට විම සැබැම කරදරයක්. 

 පැත්තකට ගනින් කෙහෙල්මල් තුවක්කුව. මම බය නෑ. මම අවේත් තනියම මගේ කැමත්තට. මම යන්නෙත් මම කැමති දවසට. මම නං නක්කලේට හිනාවෙනවා. එත් උඹට ඇත්තම ඇත්ත නොතේරෙන එකයි මගේ ආතල් එක කඩන්න හදනඑකයි තමයි බං අවුල.... නැත්තන් මට උඹත් එක්ක අවුලක් ඇත්තෙම නෑ.

ඇය තමදැතින් දෙකන වසා දෙනෙත් අයා කැඩපතින් පෙනෙන තම ප්‍රතිබිම්බය දෙස ඇසිපිය නොහෙලා බලාසිටින්නට විය.

Tuesday, April 9, 2013

රමේෂාට පිළිතුරු - Answers for Rameesha


රමේෂා සිරිවර්ධන නැමැති අයෙක් බ්ලොග් කරුවන්ට පෞද්ගලික ප්‍රහාර එල්ල කරමින්, ඒවාට ප්‍රතිඋත්තර දෙන මාර්ග අහුරා ඇත. රමේශා සිරිවර්ධන හා ඔහුගේ සැමියා වන අසේල ඉන්දිකගේ (රංග) පෞද්ගලික මඩ ගැසීම් වලට පිළිතුරු දිමට මේ ඉඩකඩ භාවිතා කරන්න