Wednesday, April 10, 2013

[ LOVE ]



 (මෙම ලිපිය මහී බ්ලොගයේ ඉවත් කරන් ලද ලිපියකි)
  කැඩපත ඉදිරියේ සිටගත් ඇය මදක් කැඩපතින් දිස්වන ඇගේම ප්‍රතිබ්ම්බය දෙස බලා මොහොතක් සිට ගෙල පිටුපස දකුණතින් පිරිමදින්නට විය. කාලයකට ඉහතදි ගෙල පිටුපස කෙටු ඇගේ ප්‍රියතමියගේ ටැටුව ලගකදි සිට රිදුම් දෙන්නට පටන්ගත්තේ මන්දැයි ඇයටම ප්‍රේහෙලිකාවක් වි ඇති හැඩය.

ඌගේ ලෝකයට උඹ රිංගුවට හිතට තට්ටුවක් දිලා අහපන් ඇග පුරා පච්ච කොටන හැම එකාම පිරිමිද කියලා උඹට ලැබුනේ නැති දෙවල් තව එකෙක්ට ලැබෙද්දි උඹට හරි ඊරිසියයි නේද?   

ඇයට මදාරාගේ වදන් සිහිපත් විය.

කැඩපත අසලින් පසෙකට වු ඇය ඇගේ ලැප්ටොප් එක දිගහැර යමක්  කොටන්නමින් සිටිනු ඇගේ අසලින් ගමන් ගත් සැමියාට දිස් වුවත් කිසිවක් නොකියා ඇය අසලින් තේ කොප්පය තබා ඔහු සාලය දෙසට ගමන් කෙරුහ. ඇගේ දෑස් දිගින් දිගටම එකම ලිපි පෙළමත නළියනු ඈ දෙස උවමනාවෙන් බලන්නෙකුට පෙනෙනු නොඅනුමානය.

            ඇයද දිනක පෙම් කරන්නට පෙළඹුනා ඇය සිහිපත් කෙරුහ. ඇයට කෙල්ලන් අජුතය. ඇයද කෙල්ලකු බව යම් විටක ඇයට අමතක වන්නට ඇත. කුඩා කල සිට පිරිමි ඇසුර ඇයට හුරුපුරුදුය. පිරිමි හා මුසු වු ඇය පිරිමින්ගේන් අනන්තවත් බැට කා ඇති බවට කිසිදු සැකයන් නැත. නැතිනම් ඇය පිරිමි ස්වරුපයකට හිමිකම් කියුවත් මෙවන් අයකු සිය ස්වාමියා ලෙස තෝරාගන්නට පෙළබෙන්නට වෙනත් හේතුවක් මට සිතා ගත නොහැකිය. 


  උඹගේ ඇහේ කටු අනිනවා වගේ නේද? මේ අහපන් ඉස්සරහට යන එක නවත්තන්න උඹටවත් උඹේ සලඹයාටවත් බෑ. උඹට මම උඹේ වචන වලින්ම තව දෙයක් කියන්නද? උඹට බෑ මගේ ආතල් එක කඩන්න. තේරුණාද? 

            ඇයට ජොයින්ට් එක වාෂ්ප වූ බවක් දැනෙන්නට වු අතර, ඇල් වි නිවි ගිය තේ කොප්පය දෙස හිස් බැල්මක් හෙලා හනික නාන කාමරයට යන්නට තුවාය සොයාන්නට විය. එය සොයාගත් නොහැකි තැන ඇය සිය ස්වාමියා ඇමතිය...

මගේ තුවාය තිබ්බ තැන දැක්කද? නැත්තන් ඔයා එක අද උදේ රෙදි හොදද්දි හෙදුවද?

අහා ඔව් නේ. ඉන්න මම ගෙනත් දෙන්න. 


 දන්නවද මම වාසනාවන්තයි. මම වගේ හැම කෙල්ලෙක්ම වාසනාවන්ත නෑ. ඇග පුරා පච්ච නැතුවට, රෑට යාළුවෝ එක්ක සෙට් වෙලා අඩියක් නොගැහුවට එයා නියම පිරිමියෙක්. උතුරන්න ආදරෙකුත් ලස්සන ජිවිතේකුත් දෙන්න පුළුවන් වුනා එයාට.. ඔය ඔය උඹ අයෙත් පුප්පනවා. උඹ ඊරිසියයි. ඊරිසියකාරි. ඔය වටේ ඉන්න අනික් එවුනුත් ඊරිසියයි. හහ් හහ්.................හහ්හා..............

             ඇය හනික නාන කාමරයට වි දොර  වසා දැමුහ. මදාරා දැන් ඇයට පිළිලයක් වී ඇති සේය. ඇයට ඇගේ වදන් නිතර දෙවෙලේ ඇසෙන්නට විම සැබැම කරදරයක්. 

 පැත්තකට ගනින් කෙහෙල්මල් තුවක්කුව. මම බය නෑ. මම අවේත් තනියම මගේ කැමත්තට. මම යන්නෙත් මම කැමති දවසට. මම නං නක්කලේට හිනාවෙනවා. එත් උඹට ඇත්තම ඇත්ත නොතේරෙන එකයි මගේ ආතල් එක කඩන්න හදනඑකයි තමයි බං අවුල.... නැත්තන් මට උඹත් එක්ක අවුලක් ඇත්තෙම නෑ.

ඇය තමදැතින් දෙකන වසා දෙනෙත් අයා කැඩපතින් පෙනෙන තම ප්‍රතිබිම්බය දෙස ඇසිපිය නොහෙලා බලාසිටින්නට විය.

8 comments:

  1. මේ රමිෂා ඒ වෙනුවෙන් ලියු පිළිතුරු ලිපියකි
    http://magejointeka.blogspot.com/2013/03/love_8.html

    ReplyDelete
  2. දිල්, මදාරා, හිරු, වකපුටේ ඇතුළු සෙට් එක මෙලෙස බ්ලොග් හදාගෙන රමිෂා ට මඩ ගැසීමෙන් පෙනීයන්නේ රමිෂා ලියු ලිපියේ ඇති කරුණු සත්‍ය බව විනා අන් යමක් නොවේ.... එම කරුණු අසත්‍ය නම් ලිහිණි තාරුකාට තම බ්ලොගය තුල වැදගත් විදියට එයට ප්‍රතිචාර දැක්විය හැකිය. දැන හෝ නොදැන දිල් ට කඩේ යන වට්ටිඅම්ම්ලා දෙපලට සහ ගොන් පැණියා ට කීමට ඇත්තේ ලිප ගිනි මොළවන තෙක් කකුළුවන් ද දිය සැලියේ නෙක නෙක නැටුම් නටනා බවයි. මෙම කොමෙන්ටුව අතුරුදන් වීමට ඉඩ ඇති බැවින් ස්ක්‍රීන් ෂොට් ගසා හැකි හැමතැනකම ෂෙයාර් කරන බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
    Replies
    1. උඹ මොකක්ද කරන්නේ රමීශාට කඩේ යන එකද?

      කවුද රමීශා කියන්නේ? නිකං තුට්ටු දෙකේ ගෑණියෙක් විතරයි දිල් සහ රමිශා අතර වෙනසක් මමනං දකින්නේ නැහැ. දිල් කරන්නෙත් අහිංසක කොල්ලන්ව රවට්ටං කන එක. එතකොට රමීශා කරන්නේ මොකක්ද? ඒත් ඒකම තමා. රංග කියන්නේ ටිකක් පිස්සු කෙලියට සල්ලි තියෙන හිත හොඳ මෝඩයෙක්. නැත්තං කසාඳ දෙකක් කලින් කරගත්ත රමීශා වගේ ලෝකේ කාලා වතුර බීපු අම්මණ්ඩියෙකුට අහු වෙන්නේ නැහැ. දැන් ඌ සැපක් කියලා දෙයක් විඳිනවද? නැහැ. අර ගෑණි ඌට හදාගන්න හාවොයි බල්ලොයි රොත්තක් ගෙදර ගෙනත් දාලා. ඌට දැන් ඌ කලින් ගෙවපු නිදහස් ජීවිතේ නැහැ. ඌ හාවන්ට කොල හොයනවා. බල්ලන්ට මස් හොයනවා. හාවෝ බල්ලන්ගෙන් පරිස්සං කරගන්න උන්ට මුර කරනවා. බල්ලෝ නාවලා උන්ව නිදි කරනවා. අරකි ඒ අස්සේ මුගේ සල්ලි වලින් ඒකිගේ වැඩ කරගන්නවා. කියන්න නං කතන්දර එමටයි. ඒත් රංග අපහසුතාවයට පත් කරන්න අපි කැමති නැහැ.

      රමීශා කියන්නේ ඇත්තටම රැඩිකල් ගැහැණියක් නෙවෙයි. නිකම්ම නිකං දුර්වල ගැහැණීයක් පමණයි.

      රමීශා කියන්නේ තමුන්ගේ විකෘති ආශාවන් නිසා නන්නත්තාරේ දුවලා අන්තිමට ඒ නිසාම සමාජයෙන් බැට කාලා සමාජයත් එක්ක වෛරයෙන් ජීවත් වන මානසික වශයෙන් බොහොම දුර්වල වෙච්ච කෙනෙක්. එහෙම කෙනෙකුගෙන් වෙන්න පුළුවන් සමාජයට වෛර කිරීම හා වෙනත් අයගෙන් පලි ගැනීමක් විතරයි. දැන් වෙන්නෙත් ඒක.

      නමුත් අවාසනාවකට රංගට තියෙන හිතවත්කම හින්දා අපිට සිද්ධ වෙලා තියෙනවා රමීශව ආරක්ශා කරන්න. ඇගේ පසුගිය සමාජජාලා ජීවිතය,සල්ලාල ජීවිතය, නිශාචර ජීවිතය, විශම ලිංගික ජීවිතය,ආදී කරුණු යටපත් කරලා ඇයව ආරක්ෂා කරන්න. ඇය අපගේ අනුකම්පාව හා රැකවරණය යටතේ ඉඳගෙන වටේටම ගල් ගහනවා. ඇත්ත වශයෙන්ම විය යුත්තේ රංග ඇයව මානසික උපදේශනය පිණිස සුදුසු තැනකට යොමු කිරීමයි. නමුත් පවතින තත්වය අනුව මට තාමත් පේන්නේ නැහැ රංගට ඒ දේ කරගන්න තරම් ශක්තියක් තියන බවක්.

      මේ දේවල් තව දුර ගෙනියන්නේ නැතිව දැන්වත් නවත්තලා දාන්න. ඒක කාටත් හොඳයි.

      Delete
    2. රන්ගගේ බ්ලොග් එක සහ රමීශාගේ බ්ලොග් එක කියවලා එකේ තියන පොස්ට් වලින් එයාලාගේ ජීවිත කතාව ගොඩ්නගන්න හදන මේ මහත්තයා හරි නෝනාගෙන් හරි මම අහන්නේ මෙච්චරයි. රමීශා ජාතික පත්තරේක ලියපු මේ කතාව බොරුවක් නම් ඔය කෑ ගහන සුද්ධවන්තයෝ ටිකට නඩු දාන්න පුලුවන් නේ?? අනිත් එක ඔය කට්ටිය දැක්කේ නැද්ද රන්දිව පත්තරේ මුල්ම පි‍ටුවේ රමීශා ලියලා තිබුනු දෙහිවල පොලිස්සියෙන් පොඩි එකෙක්ව බොරුවට කුඩු දාල වැලිකඩට දාලා කියපු ආටිකල් එක?පොලිස්සියේ උන්ගේ බැජ නම්බර්ස් එක්ක දාලා තිබ්බේ. බ්ලොග් ලියන එක කේසේ වෙතත් රමීශා බය නැතුව එහෙම ලියන එක ගැන සතු‍ටු වෙන්න ඔනේ. උබලට ගූ කන්න පුලුවන් උනාට එහෙම වැඩක් වත් කරන්න පුලුවන්ද?

      Delete
  3. මොකද්ද බන් ඔය සීන් එක මට නම් මෙලෝ සසරක් නොතේරේ මොකක් උනත් මට ස්ත්‍රී වාදියෝ නම් අලන්නේ නැහැ

    ReplyDelete